තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මුළු ලෝකයම එකිනෙකට යා කරමින් අපගේ සන්නිවේදන කටයුතු සහ එදිනෙදා කාර්යාල කටයුතු පහසුවෙන් ,වේගවත්ව සහ නිවැරදිව ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දෙයි .එම නිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාක්ෂරතාව දැනට රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ රැකියාවල නියතු සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වී ඇති අතර ජාතියේ තොරතුරැ තාක්ෂණ ශාක්ෂරතාව ඉහල නැංවීමේ අරමුණින් යුතුව සයිබර්ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය 2019 වර්ශයේදී පිහිටුවන ලදී.
A/l අවසන් වීමෙන් පසුව සයිබර්ටෙක් වෘත්තීය පාඨමාලා සමග එකතු වී ප්‍රායෝගික දැනුම සමග ඔබගේ තොරතුරු තාක්ෂණ දියුණු කරගනිමින් වටිනා රජයේ සහතිකයක් ලබාගන්න.
O/l අවසන් වීමෙන් පසුව සයිබර්ටෙක් වෘත්තීය පාඨමාලා සමග එකතු වී ප්‍රායෝගික දැනුම සමග ඔබගේ තොරතුරු තාක්ෂණ දියුණු කරගනිමින් වටිනා රජයේ සහතිකයක් ලබාගන්න.
ඔබ රාජ්‍ය අංශයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවල නියතු අයෙක් නම් නැතහොත් රැකියා අපේක්ෂිත අයෙක් නම් ඔබගේ වෘත්තීය පරිගණක දැනුම ප්‍රයෝගික පුහුණුව සමග ලබා ගැනීම සදහා අප සමග එකතු වෙන්න.
"ජාතියේ පරිගණක ශාක්ෂරතාව ඔප්නැංවීම උදෙසා"
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මුළු ලෝකයම එකිනෙකට යා කරමින් සන්නිවේදනය දියුණු කරමින් ලෝකයම අතගිල්ලට ගතහැකි යුගයක දැයේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඔප්නවමින් අනාගත රැකියා ලෝකයට යාවත්කාලින වූ වෘත්තිකයෙක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව සයිබර්ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය පිහිටුවන ලදී.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා එහි භාවිතයන් අපගේ එදිනෙදා කටයුතු ඉතා වේගවත්ව,පහසුවෙන් ,කාර්යක්ෂමව සිදුකරගැනීමට හැකි නිසා රාජ්‍ය හා පුද්ගලික අංශවල කාර්යාල කටයුතු පරිගණක තාක්ෂණය භාවිතයෙන් සිදුකර ගැනීමට හැකියාව ලැබී ඇත.එම නිසා එම අංශ වල ICT ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.
එම නිසා පාසල් හැරයන දරුවන්,රැකියා අපේක්ෂිත අය සහ දැනට රැකියා වල නියුතු අය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රායෝගික භාවිතාවන් අත්‍යවශ්‍යම සාධකයක් බවට පත්වී හමාරය.නමුත් බොහාමයක් තරුණ තරුණියන් ගේ දැනුම සහ ප්‍රායෝගික දැනුම හිගකම ඔවුන්ගේ වෘත්තිය නැබුරුතාවයට බාධාවක් වී ඇති හෙයින් සයිබර්ටෙක් පරිගණක ආයතනය විවිධ පරිගණක පාඨමාලා හදුන්වා දෙමින් ජාතියේ දරුවන්ගේ,තරුණ තරුණියන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහල නංවමින් ඉහල වෘත්තීය හැකියාවන් සමග රැකියා ලෝකයට ඇතුළුවීමට ඉඩසලසා දෙනු ලබයි.සයිබර්ටෙක් හි සුවිශේෂීතා කිහිපයක් නම්.
සයිබර්ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන සියලුම පාඨමාලා පවත්වනු ලබන්නේ සුදුසුකම් ලත් අත්දැකීම්ලත් තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මගපෙන්වීම යටතේයි.
ඔහුගේ පළමු තොරතුරු තාක්ෂණ උපාධිය කොලබ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙන් ලබාගත් අතර පශ්චාත් උපාධිය එම විශ්ව විද්‍යාලයෙන්ම සම්පූර්ණ කරමින් මෘදුකාංග ඉංජිනේරු කේෂ්ත්‍රයේ වසර තුනක් සහ පරිගණක උපදේශකයෙක් ලෙස වසර තුනක පළපුරුද්ද ලබා ගනිමින් දැනට රජයේ වෘත්තීය පුහුණු ආයතනයක සේවය කරනු ලබයි.
ඔහුගේ පළමු තොරතුරු තාක්ෂණ උපාධිය කොලබ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයට එකතු වී දැනට ලොව පිළිගත් මෘදුකාංග සමාගමක සේවය නිරතව සිටි.එලසම එම කේෂ්ත්‍රයේ අවු.10 කට වැඩි අත්දැකීම් සමුදායක් ලබා සිටින ඔහු CyberTec හි Diploma in Software Engineering පාඨමාලාවේ ප්‍රධාන සම්පත් දායකත්වය ලබා දෙමින් ඔහුගේ අත්දැකීම් දැයේ දරුවන්ට ලබා දෙමින් සිටි.
සයිබර්ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය මගින් මෙම පාඨමාලා ඔබට හැදෑරිය හැක.